Wednesday, September 25, 2024

අද නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා – අගමැති

නීතීය, සියලුදෙනාටම සමානව ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වාද්දුවේ අද පැවති වැඩසටහනකට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ එකමුතුවේ සුහද හමුවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දුවේදී පැවැත් වුණි.

එම අවස්ථාවේ අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මේ දවස්වල අහුවෙන්නේ අපි. නමුත් අරන් ගියේ කවුද කියන එක කවුරුත් හොයන්නේ නෑ. අපේ අය දේශපාලන හේතු නිසා අරගෙන ගියා. නීතිපතිත් කියනවා සමහර වෙලාවට ඒ දේවල් නීති විරෝධි කියලා. ආපහු තනතුරු දෙන්නත් කියනවා. ගාමිණි සෙනරත් නිදොස් කොට නිදහස්. දේශපාලන නඩු සහ පුද්ගලිකව කෙනෙක්ව පාරේ හප්පලා මරණ එක හෝ තුවාල කරන එක දේශපාලන කාරණාවක් නොවෙයි. තමුන්නාන්සෙලා මට ගැහුවොත් මම පොලිසියට පැමිණිල්ලක් දානවා. එය දේශපාලන කටයුත්තක් නොවෙයි. පසුගිය ආණ්ඩුව මැති ඇමතිවරු රැක ගන්න යම් යම් දේවල් සිදු කළා. අද නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. චම්පිකද, රාජිතද, රනිල්ද, මහින්ද ද අදාළ නැහැ. එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles