Tuesday, September 24, 2024

ආණ්ඩුවෙන් ‘ගමට ගෙයක්’

‘ගමට ගෙයක්’ යන සංකල්පය යටතේ ගම්මාන 14022ක් තුළ නිවාසක් බැගින් ඉදිකිරීමේ නව නිවාස වැඩසටහනක් ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් ඇමැති හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

සෑම ගමකම ඉතා දිළිදු අසරණම පවුල් වෙනුවෙන් ගමේ සමෘද්ධි නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම නිවාස වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමටත් 2020 වසර තුළදී ගමට ගෙයක් වැඩසටහන යටතේ නිවාස 14022ක වැඩකටයුතු අවසන් කරන ලෙසටත් නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට අගමැතිතුමා විසින් උපදෙස් ලබාදෙන ලදී.

පසුගිය ආණ්ඩුව කාලයේ දී නිවාස ඉදිකළ බවට විශාල ප්‍රචාරයන් ගෙනගිය ද එම වසර හතරහමාර තුළ දී රටේම නිවාස ඉදිකර තිබෙන්නේ 7000කටත් අඩු ප්‍රමාණයක් බව ද අගමැතිතුමා විසින් පෙන්වා දෙයි. නිවාස නොමැති ජනතාවට නිසි ප්‍රමිතියකින් යුතු නිවාස ලබා දීම සඳහා නිවාස පහසුකම් අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් වැඩසටහන් කිහිපයක්ම ඉදිරියේ දී රටපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles