රන්මිණිතැන්නෙන් වැඩක් ගන්න – ජනපති

0
965

කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය දේශීය කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ප්‍රයෝජනයට ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවද ජනාධිපතිවරයා සහතික වෙයි.

අපේ දේ, රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා  මේ බව කියා සිටියේය. ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ කලාකරුවන්ට ස්තූතිය පුද කිරිම උදෙසා හමුව සංවිධානය කර තිබිණි.

කලාකරුවන්ට ඉදිරියේ දී පහසුකම් රැසක් සළසා දිමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. විවිධ ආයතනවල රැකියා සඳහා තෝරා ගැනීමේ දී කලාකරුවන්ට ද අවස්ථා වෙන් කරනුයේ ඔවුන් ඇගැයීම පිණිස බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here