තරු පෙනෙන බඩු මිල ගැන වජිර කියයි

0
900

ජනතාවට දැරිය නොහැකි මට්ටමකින් ඉහළ යමින් පවතින එළවලු මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුවට කිසිදු හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

මහමැතිවරණය ඉලක්කර කරගනිමින් මේ ආණ්ඩුව ගෙන යන රැවටිලිකාරී ප්‍රතිපත්තිය හේතුවෙන් මැයි මාසය පමණ වනවිට ඉන්ධන මිල ද විශාල වශයෙන් ඉහළ යා හැකි බවටයි ඒ මහතා අනතුරු හඟවා සිටියේය.

“අද දවසේ නාරාහේන්පිට පොළේ බොංචි රුපියල් 480යි, කැරට් 480යි, ලීක්ස් 480යි, බීට් 480යි, අමුමිරිස් රුපියල් 500යි, වැටකොළු රුපියල් 300යි, බණ්ඩක්කා 300යි, පිපිඤ්ඤා රුපියල් 180යි, පතෝල රුපියල් 300යි. මං හිතන්නෙ පතෝල 300ට ගිය යුගයක් මේක. දඹල රුපියල් 240යි. මොකද දැන් සමහර ඒවා ගණන් නම් පතෝල කන්න කියනවානෙ. දැන් පතෝල කන්න පුළුවන්.

එතකොට මහජනතාව විශාල අසීරුවකට මුහුණදිය යුතුව තියෙනවා ඉදිරි මාස කිහිපය තුළ. දැන් ඉතිරි වංචාව සම්පූර්ණ කිරීම සඳහා රජය සැරසෙනවා අපට පේනවා. ඒක තමයි පාර්ලිමේන්තු නිසි බලයක් නොමැති නිසා මේ ටික කරගත නොහැකි බැවින් නිසි බලයක් ලබාදෙන්න කියන ඉල්ලීම ඉල්ලමින් මාස දෙකක් ජනතාව රවට්ටලා ඉවර වෙලා නියත වශයෙන්ම වෙසක් කාලේ වෙනකොට පෙට්‍රල් රුපියල් 40කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඩීසල් රුපියල් 50කින් විතර වැඩි කරන්න තිබෙනවා. භූමිතෙල් රුපියල් 80කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඊටත් වැඩිවෙයි.

මේක තමයි මහජනතාවට උරුම කරන්න යන භයානක ආර්ථික ව්‍යාපාරය” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ සිරිකොත පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here