ඊළඟ කොරෝනා බිල්ල ට්‍රම්ප් ද?

0
861
ඉදිරි පැය කිහිපය තුළ තමන් කොවිඩි-19 ආසාදිතයකු දැයි දැන ගැනීමට හැකි වනු ඇති බව බ්‍රසීල ජනාධිපති ජයර් වොල්සොනාරො ප්‍රකාශ කර ඇති අතර ඔහු සමග අමෙරිකාවේ සංචාරයක නිරත වූ පුද්ගලයකු ආසාදිතයකු බව හඳුනා ගැනීමත් සමග ඔහු වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දී ඇත.
මෙම පිරිස එම සංචාරය අතරතුරු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසී ඇති බව සඳහන් වේ.
පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රසීල් ජනාධිපති ජයිර් බොල්සොනාරෝ ෆ්ලොරීඩාවේ මාර් ඒ ලාගෝ හෝටලයේදී රාත්‍රී කෑමකට සහභාගී වී තිබුනි. එහිදී බ්‍රසීල රාජ්‍ය නිළධාරියෙකු හා එකට එකතු වී ඔවුන් අල්ලාප සල්ලාපයේ යෙදී තිබුන අතර පසුව දැනගන්නට ලැබී තිබුනේ එම බ්‍රසීල නිළධාරියාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබී ඇති බවය. පින්තූරයේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වම් පසින් හිස් වැසුමක් දමා සිටින්නේ ඔහුයි.
තත්වය එසේ වෙද්දී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තත්වයද තවමත් වාර්ථා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here