“නත්තල් සමයට සාප්පු සවාරි සීමා කරන්න” සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

0
930
Shopping Cart Full of Christmas Presents

එළබෙන නත්තල් හා උත්සව කාලසීමාව තුළ හැමදෙනාගේම අවධානය යොමුවිය යුතු විශේෂ කරුණු කිහිපයක් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ආයතනික මට්ටමින් හා ජනතාවගේ උපරිම දායකත්වය අපේක්ෂා කරන බවයි.

මහජනතාවගේ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් මෙසේයි.

01. මෙවර නත්තල් සමයේ / උත්සව සමයේ සාප්පු සවාරි සීමා කරන්න.

02. අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට යන විට ඔබේ පවුලෙන් එක් අයෙකු පමණක් යන්න. (වෙනදා මෙන් පවුලේ සියලු සමාජිකයින් කැටුව නොයන්න.)

03.හැකි සෑමවිටම ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබේ නිවස අසළම ඇති වෙළඳසැළෙන්, පිරිස් අඩුවෙන් ගැවසෙන වේලාවක ගොස් මිල දී ගන්න.

04.පිරිස ඒකාරාශී වන ප්‍රිය සම්භාෂණ, වෙනදා මෙන් මේ උත්සව සමයේ සංවිධානය කිරීමෙන් වළකින්න.

05.නත්තලේ සතුට සැමරීම සඳහා එකිනෙකා මුණගැසී, සුබ පැතීමේ දී සිප වැළඳගැනීම්වලින් වළකින්න. නිසි පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සුබ පතන්න.

06.බෝනොවන රෝග / නිදන්ගත දිගුකල් පවතින රෝග ඇති හා වයස්ගත පුද්ගලයින්ට මෙම වෛරසයේ සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇත. ඒ නිසා වැඩිහිටියන් වෛරසයට නිරාවරණය වීම අවම කරන්න. අමුත්තන් නිවසට කැඳවීම අවම කරන්න.

07.භාණ්ඩ මිල දී ගැනීමට පෝලිම්වල සිටින විට නිසි පරතරය පවත්වා ගන්න. නිසි පරතරයෙන් නොසිටින කොනෙකු වේ නම් ඔහුට හෝ ඇයට ඔබ සමග නිසි පරතරයෙන් සිටින ලෙස දන්වන්න.

08. ඔන්ලයින් පහසුකම් ඇති අවස්ථාවලදී භාණ්ඩ මිල දී ගැනීම සඳහා එම සේවාව භාවිත කරන්න.

09. විනෝද චාරිකා හා නෑ ගමන් යෑමෙන් වළකින්න. / සීමා කරන්න.

10. නිවසින් පිටතට යන විට මුඛ ආවරණ පැළඳීම, පුද්ගලයින් අතර නිසි පරතරය පවත්වා ගැනීම, දෑත් සේදීම වැනි සුපුරුදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here