කරාපිටිය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුව වසා දමයි

0
786

කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ 24 වාට්ටුවේ සතියක් පුරා ප්‍රතිකාර ලබාගත් කාන්තාවක් කෝවිඩ්-19 ආසාදිත බව අද (09) තහවුරු වීමෙන් පසු එම වාට්ටුවට රෝගීන් භාරගැනීම නවතා දැමූ බවත්, එහි සේවය කරන ලද වෛද්‍යවරුන් කිහිප දෙනෙක් සහ හෙදියන් පිරිසක් ස්වයං නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවිර මහතා පැවසීය.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසූයේ මෙම වාට්ටුවේ සේවය කරන ලද සියලුම වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලය සහ නේවාසික රෝගීන් සියලුම දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට ද කටයුතු කර ඇති බවයි.

දැනට මෙම වාට්ටුවට ඇතුළත් කිරීමට පැමිණෙන රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කර යවන බවද රණවීර මහතා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here