Sunday, September 22, 2024

දකුණු කොරියාවෙන් පීසීආර් පරීක්ෂණ කට්ටල තොගයක්

දකණු කොරියාවෙන් ඇමරිකානු ඩොලර් 300,000 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල  තොගයක්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව  අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් කොරියානු රජය මෙම පරිත්‍යාගය සිදු කළ බවද ඒම අමාත්‍යාංශ්‍ය කීය.

එම පීසිආර් පරික්ෂණ කට්ටල තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  විදේශ අමාත්‍යංශයේදී  සිදු කෙරුණි.

එහිදී විදේශ අමාත්‍යවරයා කියාසිටියේ මෙම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙම උපකරණ කට්ටල ප්‍රයෝජනය වන බවය.කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට කොරියානු රජයට හැකිවීම අගයන අතරම ඒම වසංගතය නවීන තාක්‍ෂණයේ ආධාරයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් රෝග සම්ප්‍රේෂණය වීම වේගයෙන් පාලනය කළ අන්දමද ඉතා ප්‍රශංසනීය යැයිද විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සඳහන් කෙළේ තමන්ට ශ්‍රී ලංකාවේ තානාපති ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවය.

කොරියාවේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ බොහෝ ආයෝජන අවස්ථා තිබෙන බවත් , එල්එන්ජි බලාගාර ඉදිකීරිම, යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම, ආර්ථික සංවර්ධනයට අදාල තාක්ෂණික ව්‍යාපෘති ඇති කිරීම වැනි ක්ෂේත්‍ර බොහොමයක ආයෝජන අවස්ථා තිබෙන බවද කොරියා තානාපතිවරයා මෙහිදී පැවසීය. ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි තමා කොරියාවේ ආයෝජකයන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තුවන බවද  කියා සිටීයේය.

මෙම අවස්ථාවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ යන මහතවරු සහ නිලධාරීහු ද සහභාගි වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles