Sunday, September 22, 2024

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ සැබෑ වෙනසකට මුලපුරමින් ClickLife හඳුන්වා දෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් පසුගියදා ClickLife නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින්, සුරක්ෂිත ලෙස, ඉක්මනින් හා පහසුවෙන් පරිපූර්ණ රක්ෂණ විසඳුම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ.

“ClickLife හඳුන්වා දීම යනු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරමින්, වර්තමාන ජීවන රටාවන් හා යථාර්ථයන්ට ගැළපෙන ආකාරයේ  සරල හා සහනදායී රක්ෂණ විසඳුම් හඳුන්වා දීම සම්බන්ධ අපගේ දැක්ම නැවතත් තහවුරු කරන පියවරක්.  සාම්ප්‍රදායික ක්‍රමවේද, ලිපිලේඛන සහ භෞතික මැදිහත් වීම් වලින් තොරව රක්ෂණ මිලදී ගත හැකි සරල ක්‍රම හඳුන්වා දෙමින් අප ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙනස් කරමින් සිටිනවා. ClickLife යනු පරිපූර්ණ ඩිජිටල් විසඳුමක්. එමගින් ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට රක්ෂණ මිලදී ගැනීමත්, ඒවාට අදාළ අනෙකුත් කටයුතුත් ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබේවි.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ClickLife රක්ෂණ මිලදීගන්නා මුල්ම ගනුදෙනුකරුවන් 1000 කට COVID-19 ආවරණයක් නොමිලේ ලබාදීමටද යුනියන් ඇෂුවරන්ස් සමාගම සැලසුම් කර තිබේ. දිනකට රු.23 ක් වැනි සුළු මුදලකට රු. මිලියන 2 ක් දක්වා ආවරණයක් හිමිවීම මෙම රක්ෂණයේ තවත් විශේෂත්වයකි.

රක්ෂණයක් මිලදීගැනීමෙන් අනතුරුව, ඒ සම්බන්ධ ඉදිරි කටයුතු වලදී සංකීර්ණ හා කාලය වැයවන ක්‍රියාවලි වල යෙදීමේ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා අති නවීන ස්වයං-සේවා ජංගම යෙදුමක් (Self-servicing App) හඳුන්වා දීමටද යුනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන ඇත. මෙම යෙදුම මගින්, රක්ෂණ සඳහා ගෙවිය යුතු වාරික, ශේෂයන් සහ හිමිකම් මුදල් ඉල්ලීම් සම්බන්ධ තොරතුරු ආදිය පහසුවෙන් පරීක්ෂා කළ හැකි අතර, ඩිජිටල් රක්ෂණ ඔප්පු ණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව පවා ලබා දී තිබේ. මෙම යෙදුම තුළ ශරීර සුවතාව සම්බන්ධ ‘Health Tracker’ ක්‍රමයක්ද ඇතුළත් වන අතර මෙය ක්ෂණිකව තෑගි වවුචර හා වට්ටම් කූපන හිමිවන ත්‍යාග වැඩසටහනකටද සම්බන්ධ කර ඇත.

COVID-19 වසංගත තත්ත්වය කෙදින අවසන් වේදැයි අනාවැකි කිව නොහැකි තත්ත්වයක් තුළ යුනියන් ඇෂුවරන්ස් සමාගම නවෝත්පාදනය, අනුගත වීම සහ අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීම යන සාධක මූලික කරමින් තම ඩිජිටල් පරිවර්තනය පුළුල් කරමින් සිටී. ලිපිලේඛන, නියෝජිත මැදිහත්වීම් හෝ වෛද්‍ය වාර්තා ආදිය නොමැතිව රක්ෂණ මිලදීගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයකි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ රක්ෂණ මිලදී ගැනීමේ ක්‍රමයද ශ්‍රී ලංකාවට තවමත් අලුත් ය. ClickLife සහ ස්වයං-සේවා යෙදුමක් හඳුන්වා දීම වැනි පියවර ඔස්සේ, ජාත්‍යන්තර වශයෙන් දියුණු වෙමින් පවතින නව ක්‍රමවේදයන්ට අනුව තම රක්ෂණ අවශ්‍යතා තමන්ට කැමති ආකාරයට පාලනය හා කළමනාකරණය කිරීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත ලබාදීම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අපේක්ෂාව වී තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින්, රු. බිලියන 18 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 40 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 2020 ඔක්තෝබර් මාසය වන විට 461% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.

විස්තර සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1330 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. [email protected] ඊමේල් ලිපිනයෙන් හා clicklife.lk වෙත පිවිසීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles