අධිවේගවලට පවරා ගන්නා ඉඩම්වලට කෝටි 4,000ක් – ඇමැති ජොන්ස්ටන්

0
934

රුවන්පුර අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සෑදීමේදී අත්පත් කර ගන්නා ඉඩම්වල වටිනාකම පියවීමට පමණක් රුපියල් කෝටි 4,000ක් මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) පැවසුවේය.

ඉඩම් මිලදී ගැනීම සඳහා මෙරට ඉතිහාසයේ වැඩියෙන්ම මුදලක් වෙන් කළ අවස්ථාව මෙවර අය වැය බවට හඳුන්වා දිය හැකි බවත් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කටයුතු ජනවාරි 15 වැනිදාට පෙර ආරම්භ කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here