Sunday, September 22, 2024

පෑලියගොඩ නව වෙළදපොලේ කටයුතු ලබන සදුදා සිට ඇරඹෙයි

පෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සඳහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසයි.

ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිදේශ කි‍්‍රයාත්මක කරමින් වෙළදපලේ කටයුතු ආරම්භ කරන ලෙසටය.

එහෙත් මැනිං පොදු වෙළද සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ ව්‍යාපාරිකයින්ට කඩ කාමර ලබාදීමේ කටයුතු තවමත් සිදුකරමින් තිබීම හේතුවෙන් තොග වෙළදාමට පමණක් ලබන සදුදා සිට ආරම්භ කරන බවය.

කිසිදු ව්‍යාපාරිකයෙකුට ආසාධාරණයක් නොවන පරිදි, කොළඹ මැනිං වෙළදපලේ ව්‍යාපාරිකයින්ට තිබූ කඩ කාමරවල ඉඩ ප‍්‍රමාණයට වැඩි ඉඩ ප‍්‍රමාණයකින් යුත් කඩ කාමර ලබාදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ. පෑලියගොඩ මැනිං වෙළඳපොල වෙළඳසැල් 1,192 කින් සමන්විත වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles