රුපියල් කෝටියක හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

0
744

කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී මහබාගේ පොලීසිය විසින් සිදුකළ වැටලිමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සහ සැකකාරිය හෙරොයින් පැකට් කරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් 26 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන් වේ.

මොවුන් අද (10) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here