Sunday, September 22, 2024

මෙරටට පැමිණෙන නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක්

විදේශයන්හි සිට දිවයිනට ගෙන්වන ශ්‍රමිකයින්ගේ නිවෙස් නිරෝධායනය සම්බන්ධයෙන් යම් වෙනසක් සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

“දෙරණ අරුණ“ සමග එක්වෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, අද (10) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කරනු ලබන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

“විදෙස් රටවලින් පිරිස් ලංකාවට ආවට පස්සේ, රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයක එසේ නොමැති නම් පෞද්ගලික ස්ථානයක නිරෝධයනය වන ක්‍රමවේදයක් තිබෙන්නේ. දින 14ක් නිරෝධායනය වෙනවා. ඊට පසුව පීසීආර් පරීක්ෂණයක් කරලා, පොසිටිව් වුනොත් රෝහලක නෙගටිව් නම් ඔවුන් නිවෙස් බලා යැවීමට කටයුතු කරනවා. නිවසෙත් තව දින 14ක් නිරෝධායනය කරන ක්‍රමවේදයක් දැනට අද දක්වා ලංකාව තුළ පැවතුණා. නමුත් බොහෝ දුරට අද දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මෙය ලිහිල් කරලා නිර්දේශ ඉදිරිපත් කරයි. අපි මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ මෙසේ ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයින් දින 14ක නිරෝධායනය කිරීමෙන් අනතුරුව කරන ලබන පීසීආර් පරීක්ෂණයෙන් නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායනය නොකර සම්පූර්ණයෙන් නිදහස් කරන්න අපි සාකච්ඡා කරා. එය බොහෝ දුරට අද දිනයේ දී නිකුත් වීමට නියමිත නිවේදනයත් සමග ඒ තත්ත්වය පහව යයි. ඒ අනුව ජනතාවට පහසුවක් ඇති වෙයි. “

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles