Sunday, September 22, 2024

සිංහයන් ටත් කොවිඩ් වැළඳෙයි

ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොවිඩ් -19 වැළඳී තිබේ. එය එවැනි සිදුවීමක් වාර්තා  දෙවැනි අවස්ථාව වේ.

එහි සිටින සිංහ ධේනුවන් තිදෙනෙක් ද ඒ අතර වෙයි.

සත්වෝද්‍යාන සේවකයින් එම සතුන් අසනීප ගතියකින් සිටින අයුරු දැක කළ පරීක්ෂණයකින් ආසාදිත බව තහවුරු වී තිබේ.

එම සත්වෝද්‍යානයේ සේවකයින් දෙදෙනෙක් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනිනි.

මීට පෙර අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ කොටි සිව් දෙනෙක්ට සහ සිංහයින් තිදෙනෙක්ට කොවිඩ් වැළඳී තිබුණි.

ඒ, පසුගිය අප්‍රේල් මාසයේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles