කථානායකවරයාගේ භෝජන සංග්‍රහය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

0
399

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී.

අද (10) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කර සිටියේ, පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් භෝජන සංග්‍රහය නොපැවැත්වීම සුදුසු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පා.ම චමින්ද විජේසිරි මහතා,

“ඔබ තුමාගේ භෝජනා සංග්‍රහය ගැන බොහෝම ස්තූතියි. මේ වෙලාවේ 225 කැඳවනවා. රටේ ජනතාවට කන්න නැති වෙලාවේ මම ඔබ තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් කොවිඩ් ප්‍රශ්නයට දාන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපිට මතකයි අපේ කරූ ජයසූරිය කථානායක තුමා පාස්කු ප්‍රහාරය දවසේ කථානායක තුමාගේ භෝජන සංග්‍රහයක් තිබුණේ නෑ. මම හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවටත් ඔබ තුමාටත් හොඳයි මේ තීරණය. මේක සාම්ප්‍රදායිකව තියෙන එකක් මේක නැති කරන්න කියනවා නෙමෙයි. මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට කල්පනා කරන්න මේක ගැන හොඳයි.“

මෙයට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ පිළිබඳ කල්පනාකර බලන බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here