Monday, September 23, 2024

මාතර වැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට සංචරණ සීමා

මාතර, වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට තාවකාලිකව සංචරණ සීමා පනවා තිබේ.

ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එම්.එන්.එච් නිහාල් මහතා පවසා සිටියේ වැලිගම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් ඊයේ (09) හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බවය.

වැලිගම නගරයේ අහඹු ලෙස තෝරා ගත් 319 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අනුව මේ බව තහවුරු වී තිබේ.

“වැලිගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් මේ වන විට රෝහල්ගත කළා. පෞද්ගලික රෝහලක සේවය කරන පුද්ගලයෙක් පොසිටිව් වෙලා ඔහුගේ බිරිඳ මේ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක උගන්වනවා. ඒ අනුව සොයාගෙන ඇවිල්ලා එම පුද්ගලයා සම්බන්ධ නිවාස සියල්ලම නිරෝධායනය කරනවා. එම බිරිඳට රෝගය වැළඳි නැති බව තහවුරු වුණා.“  යනුවෙන් ද එම්.එන්.එච් නිහාල් මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles