Friday, September 20, 2024

සිංහරාජ ලෝක උරුමය වනසන්නට ආ විදුලි බලාගාරය

ලෝක උරුම වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයට යාබද  ඉදිකිරිම් හේතුවෙන් සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇති බව පාරිසරික සංවිධානයක් හෙළි කරයි.

සිංහරාජයට පිටතින් ප්‍රේරක කලාපයක් තුළ පිහිටි කොස්ගුලන ගග හරස් කොට  කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකෙරෙන බව පවසන ‘වැසි වනාන්තර සුරකින්නෝ’  කැදවුම්කරු ජයන්ත විජේසිංහ ගගනට කියා සිටියේ එම ඉදිකිරිම හේතුවෙන් සිංහරාජයට යාබද පිහිටි එහි ප්‍රේරක කලාපයට අයත් වැසි වනාන්තරය සිංහරාජයෙන් සම්පුර්ණයෙන්ම වෙන්වී යා හැකි බවයි.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සිදු කරනු ලබන එලි පෙහෙලි කිරිම් නිසා පරිසර පද්ධතිය දිනෙන් දින විනාශයට යන බවට ද ඔවුහු චෝදනා කරති.

මෙම විනාශය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගැනිම මහත් ගැටලුවක් බව පෙන්වා දෙන ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානය පවසන්නේ මෙම ඉදි කිරිම ගැන මධ්‍යම පරිසර අධිකාරිය ඇගයිම් වාර්තාවක් හෝ මහජන අදහස් විමසිමක් සිදු කොට නොමැති බවයි.

03_0

පරිසරවේදීන්ට තර්ජන

ජල විදුලි බලාගාරයක් බවට හොදාකාරකම පෙනෙන්නට තිබෙන එම ඉදිකිරීම කරනු ලබන්නේ කවරෙකුගේ උපදෙස් පිටද, කවුරුන් විසින් ද යන්න මේ වන තෙක් තමන් නොදන්නා බව පවසන එම සංගමයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ ගගන ට වැඩි දුරටත් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට එම ස්ථානය කරා ගිය තම සංගමයේ සාමාජිකයන් දෙදෙනකුට ඉදිකිරිම් වල නිරත පිරිස් විසින් තර්ජනය ද සිදු කොට ඇති බවයි.
කෙසේ නමුත්  ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානය යහ පාලන රජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඉදිකිරිම් සම්බන්ධයෙන් වහා සොයා බලා සිදු වන පාරිසරික විනාශය නරත කර සිංහරාජ වනාන්තරය ආරක්ෂා කර දෙන ලෙසයි.
මූලාශ්‍රය – Gagana Radio

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles