Tuesday, September 24, 2024

ගුවන්යානා සේවකයින්ට පියසර කාලයේදී වැසිකිළි වෙනුවට තුවා භාවිතයට උපදෙස්

කොරෝනා අවදානම මගහැරීම සඳහා දෛනිකව පියාසර කරන ගුවන් යානාවල සිට දැඩි කොරෝනා අවදානමක් පවතින ගමනාන්තයන්ට පියාසර කරන සියලූ‍ චීන ගුවන් යානාවල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පියාසර කාල සීමාව තුළ ගුවන් යානාවල වැසිකිළි භාවිත නොකර භාවිත කර ඉවතලන තුවා (ඩිස්පෝසබල් නැපීස් ) පළඳින ලෙස චීන ගුවන් සේවා බලධාරීන් විසින් නියම කර තිබේ.

ගුවන් යානාවල වැසිකිළි හරහා කොරෝනා වෛරසය ශරීරගතවීමේ අවදානමක් පැවතිය හැකි බව අඟවමින් මෙම ඉවතලන තුවා පළඳින ලෙස චීන ගුවන් යානා කාර්ය මණ්ඩලවලට චීන ගුවන් සේවා අධිකාරිය විසින් නියම කර තිබේ. කෙසේ වුවද ගුවන් යානාවල වැසිකිළි භාවිත නොකර ඉවතලන තුවා පළඳින ලෙස දැනුම් දී ඇත්තේ ජනගහණයෙන් සෑම මිලියනයකටම 500 කට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගනු ලබන ප‍්‍රදේශවලට පියාසර කරන ගුවන් යානාවල කාර්ය මණ්ඩලවලට වන අතර මෙම නිර්දේශය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් චීන ගුවන් සේවාවලට නිකුත් කරන ලද පිටු 49කින් සමන්විත සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවටද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙසේ අදාළ ගුවන් යානා කාර්ය මණ්ඩලවලට භාවිත කර ඉවතලන තුවා පැළඳීමට නිර්දේශ කර ඇත්තේ කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා මුහුණු ආවරණ  (මාස්ක්ස් ),ඉවතලන අත්වැසුම්, තොප්පි ඇතුළු පුද්ගල ආරක්‍ෂක මෙවලම් භාවිත කිරීමට අමතරවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles