නිරෝධායනය අවසන් කර සිටිය දී මියගිය පුද්ගලයෙක්ට කොවිඩ්

0
715

බලපිටිය අහුන්ගල්ල අක්කර 20 ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

එම පුද්ගලයා මීට පෙර කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් සහ නිවසේ දින 14ක් නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඉකුත් දෙසැම්බර් 06 වනදා වනවිට ඔහු නිරෝධායන කාලය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබූ අතර ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙසැම්බර් 09 වනදා පස්වරුවේය.

දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය අහුන්ගල්ල ආදාහනාගාරයේදී ඊයේ (11) සිදුකෙරුණි.

කෙසේවෙතත් ඔහුගේ දේහය ආදාහනයට ඥාතීන්ද සම්බන්ධ වී සිටි අතර දේහය රැගෙනවිත් තිබුණේ සාමාන්‍ය රථයකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here