දඹුල්ල ආර්ථිකයෙන් තවත් ආසාදිතයින් හමුවේ

0
748

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ, ඒ අනුව මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයින් 11 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවය.

ඊට අමතරව දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කර සිටියේ, ආසාදිත වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 3ක සේවකයන් තිදෙනෙක් සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයෙක් බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here