ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් රට විවෘත කරනවා – ඇමති ප්‍රසන්න රණතුංග

0
657

ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගැනෙන බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට පසුගියදා (12) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ජනවාරි මාසයේ සිට රට නිල වශයෙන් විවෘත කිරීමට පෙර නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. සෞඛ්‍ය නිර්දේශ අනුව එහි අඩුපාඩු හඳුනාගෙන ඒවා ද නිවැරදි කර ගැනීමෙන් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කීවේය.

සංචාරකයන්ට රට විවෘත කිරීම හා ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ සියලු පාර්ශවයන් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඉක්මනින් මෙම සාකච්ඡා අවසන් කර මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here