Monday, September 23, 2024

කළුතර සහ ගම්පහ කොවිඩ් අවධානම යළි ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයින් 200 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 දෙනෙකු ඊයේ (14) දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරට අයත්ය.

ඒ අනුව පෙර දිනවලට සාපේක්ෂව කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.  

ඊයේ දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 688 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 627 දෙනෙකු, බන්ධනාගාර ආශ්‍රිතව ආසාදිතයන් 58 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්ෂක නිලධාරීන් 03 දෙනෙකු ලෙස එම රෝගීන් පිරිස හඳුනාගැණුනි.

ඊයේ දිනය වනවිට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 33,477 දක්වා වර්ධනය වී තිබුණ අතර ඉන් සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 24,308කි.

කොවිඩ් – 19 ආසාදිතයින් 9,015 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 29,833ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 20,901 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වනවිට මෙරට තුළ සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 154ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය – 200 

බොරැල්ල – 65
මට්ටක්කුලිය – 38
අවිස්සාවේල්ල – 17
කොම්පඤ්ඤ වීදිය – 13
වැල්ලවත්ත – 10
බ්ලුමැන්ඩල් – 08
කිරුළපණ – 07
ග්‍රෑන්ඩ්පාස් – 07
පාදුක්ක -07
දෙමටගොඩ -06
දෙහිවල – 06
කොල්ලුපිටිය – 05
අලුත්කඩේ – 04
ගල්කිස්ස – 02
අඟුලාන – 01
අතුරුගිරිය – 01
හෝමාගම – 01
කිරිබත්ගොඩ – 01
මිරිහාන – 01

කළුතර දිස්ත්‍රික්කය – 117

ගම්පහ දිස්ත්‍රික්කය – 113

වත්තල – 41
කඩවත – 15
නිට්ටඹුව – 14
මීරිගම – 10
වේයන්ගොඩ – 05
දොම්පෙ – 04
වැලිවේරිය – 04
මිනුවන්ගොඩ – 03
පූගොඩ – 03
පෑලියගොඩ – 02
රාගම – 02
සපුගස්කන්ද – 02
සීදුව – 02
කඳාන – 02
කැලණිය – 01
මීගහවත්ත – 01
දිවුලපිටිය  – 01
මීගමුව – 01

මුලතිව් දිස්ත්‍රික්කය – 55
ගාල්ල දිස්ත්‍රික්කය – 48
නුවරඑළිය දිස්ත්‍රික්කය – 38
අම්පාර දිස්ත්‍රික්කය – 28
කුරුණෑගල දිස්ත්‍රික්කය -17
මහනුවර දිස්ත්‍රික්කය – 16
රත්නපුර දිස්ත්‍රික්කය – 13
මොනරාගල දිස්ත්‍රික්කය – 13
මාතලේ දිස්ත්‍රික්කය – 08
වව්නියා දිස්ත්‍රික්කය -07
යාපනය දිස්ත්‍රික්කය – 06
කෑගල්ල දිස්ත්‍රික්කය – – 02
පුත්තලම දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – – 01
මඩකලපුව දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles