LOLC විසින් හේමාස් සමූහයේ හෝටල් ව්‍යාපාරය රු. මිලියන 792කට මිල දී ගනී

0
638

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සිය හෝටල් ව්‍යාපාර හස්තය වන සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි හිමිකාරීත්වය අද (15) දින විකුණා දමනු ලැබීය. කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකාවේ තවත් සමාගම් සමූහයක් වන LOLC සමූහය විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදු කර ඇති බවයි.

මෙහිදී සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි කොටස් 42,802,738 ක් රු. 14.20 බැගින් හා නිෂ්ඡන්ද කොටස් 19,260,487ක් රු. 9.60 බැගින් හුවමාරු වූ අතර මෙම ගනුදෙනුවල සමස්ත වටිනාකම රු. මිලියන 792.89 කි.

සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් ඡන්ද බලය හිමි කොටස්වලින් 56.68% ක අයිතිය හා නිෂ්ඡන්ද කොටස්වලින් 53.48% ක අයිතිය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී  සතුව පැවතිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here