කොවිඩ් මරණ 3ක්

0
776

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

ඒ අනුව, අද දිනය තුළ දී කොවිඩ් මරණ 6ක් වාර්තා විය.

ඉන් කොවිඩ් මරණ 5ක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එක් මරණයක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here