“යලි විකුණමු ලංකා“ – වසන්ත සමරසිංහ

0
853

කලින් එක්සත් ජාතික පක්ෂයේ “යලි පුබුදමු ලංකා“ වැඩපිලිවෙල වෙනුවට මෙවර එ.ජා.ප රජය “යලි විකුණමු ලංකා“ වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ඉස්මතුකර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

අල,ලූනු බදු සොච්චමකින් අඩුකර ජනතාව මුලා කර ඇති බවත්, මේ අයවැය තුලින් රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපද නැති කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් අදහස් දැක්වීය. එසේම සෑම ඡන්දයකදීම මාතෘකාවක් කරගන්නා වතු සේවක ගැටළුවට මේ අයවැයෙන්ද කිසිඳු විසඳුමක් නැති බවද පැවසීය.

රාජපක්ෂ ආණ්ඩුව බේබිලාට රේස් පදින්නට කාර් රේස් බදු පමණක් අඩුකලා සේම මේ ආණ්ඩුවද සාමාන්‍ය මිනිසාට වාහනයක් ගන්නට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම වසා ඇත.

ජනතාව සහ වෘත්තීය සමිති පාරට බසින තැනට කරුණු සම්පාදනය කර ඇති මෙම අයවැය පරාජය කරන්නට තමන්ගේ උපරිමය කරන බව ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here