Monday, September 23, 2024

මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට

මාදිවෙල – බටහිර නාගරික කෘෂීකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා ජනතා අයිතියට පත් විය.

කි.මී. 1.5 ක ඇවිදීමේ මංතීරුවක්, කි.මී. 1.5 ක දිගින් යුත් පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක්, අංග 8 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකි රථගාලක්, ප්‍රධාන මාර්ගයට සමාන්තරව රථවාහන ගාල් කිරීමේ ප්‍රදේශයක් සහ යල මහ කන්න දෙකම වගාකිරීමට ජලය සපයා දිය හැකි වැව් දෙකක් මෙම ව්‍යාපෘතියට අයත්ව තිබිණි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අක්කර 23ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ ආරම්භවූයේ පසුගිය අප්‍රේල් මස 21 වැනි දා ය.

කොවිඩ් -19 පළමු රැල්ල පැතිරයන අවස්ථාවේ විවිධ බාධක මැද ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස අටක පමණ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අයිතියට පත් කිරීම උදෙසා නාගරික සංවර්ධ හා නිවාස අැමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවැසි උපදෙස් ලබා දුන්නේය.

කොවිඞ් – 19 අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් රටේ සංවර්ධන ව්‍යාපෘතින් ද ක්‍රියාත්මක කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිලධාරින්ට දුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කැර තිබේ.

ඒ අනුව මෙම පාරිසරික ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉතිහාසයේ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයකි. ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලදී. ඊට වැය කළ මුළු පිරිවැය රුපියල් මිලියන 390 ක් වේ.

මෙයට පෙර ජනතා අයිතියට පත් කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදියර දැනටමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. ඒ යටතේ කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග පමණක් වගා කරන කුඹුරු ප්‍රදේශයක් හා ප්‍රථම වරට ගොඩ බෝග වගාව කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන් හි ප්‍රචලිත කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ගොඩ බෝග වගා බිම් කොටස් 44 ක් සමන්විතය.

අැමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය අැමැතිවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, කංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මදුර විතානගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී.‍ දොලවත්ත, ඩයනා ගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා ඇතුළු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles