Sunday, September 22, 2024

ඉන්දියාව – කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ජනවාරියේ අරඹයි

කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරාගැනීම සඳහා ජනවාරි මාසයේ සිට ඉන්දියාව තුළ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

එන්නත් වර්ග කිහිපයක් සඳහා ඉදිරි සති කිහිපය තුළ අනුමැතිය දීමට එරට ඖෂධ නියාමන බලධාරීන් කටයුතු කරනු ඇති බව සඳහන් වේ.

මේ වනවිට ඖෂධ සමාගම් දෙකක් අනුමැතිය සඳහා අයැදුම්කර ඇති අතර තවත් කොවිඩ් එන්නත් නිෂ්පාදන 6ක් සායනික අත්හදාබැලීම්වලට ලක්කරමින් පවතී. 

එන්නත්කරණ වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය කිරීම ඉන්දියාවේ අරමුණයි.

ඉන්දියාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් මිලියන 10ක් පමණ වාර්තා වී ඇති අතර ආසාදිතයින් 144,000ක් පමණ මියගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles