කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකරනු..- තවුහිද් ජමාද් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා

0
843

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහය භූමදානයට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකා තවුහිත් ජමාත් සංවිධානය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක් සිදු කර තිබේ.

මුස්ලිම් ජාතික මෘත දේහයන් ආදාහනය කිරීම මුස්ලිම් ජාතිකයන්ට කරන බලවත් අසාධාරණයක් යැයි ද ඔවුහු කියා සිටියහ.

එනිසා මුස්ලිම් මෘත දේහයන් භූමදානය සඳහා රජය විසින් සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද විරෝධතාකරුවන් පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here