Sunday, September 22, 2024

එංගලන්තයේ ආහාර දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට යුනිසෙෆ් ආධාර

ලෝකයේ ධනවත් රටක් ලෙස සැලකෙන එංගලන්ත යේ දරුවන් පිරිසකට නොමිලයේ ආහාර සැපයීමට යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් වී තිබේ.

ඉතිහාසයේ මෙවැන්නක් සිදුවී ඇත්තේ පළමු වරට ය.

ඒ අනුව එංගලන්තයේ ප්ලමත් ප්‍රදේශයේ ළමයින් පිරිසකට හදිසි අවශ්‍යතාවයක් ආහාර පාන සැපයීමට කටයුතු කරයි.

ශීත ඝෘතුවෙදී පවුල් 120කට ආධාර සැපයීමට “ඩෙවොන් චැරිටිස්” නම් පුණ්‍ය ආයතනය මගින් පවුම් 24,000 යුනිසෙෆ් වෙත ප්‍රදානය කර තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ළමුන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වු අවස්ථාව මෙම කොරෝනා වසංගතය බවද යුනිසෙෆ් සංවිධානය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles