සෙංගඩකල හා කොළොන්තොට පුරවරය යා කෙරෙන මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් ඇරඹේ (Video)

0
818

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ ඓතිහාසික සෙංකඩගල පුර හා කොළොන්තොට යා කෙරෙන යෝජිත අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, පොතුහැර ලිහිණිගිරියේදී 19 දින ආරම්භ කෙරිණ.

මෙම ව්‍යාපෘතිය මාස 42කින් අවසන් කිරීමට අපේක්ෂිත අතර වැය කරන මුදල රුපියල් බිලියන 142.5 කි. කිලෝමීටර් 31.7කින් යුක්ත වන මෙම අධියරෙහි අන්තර් හුවමාරු හතරක්, පාලම් 20ක් හා උමං මාර්ග එකකින් යුක්තය.

මහාමාර්ග අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්ත, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, ඩී.බී හේරත් යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා නියෝජිතයෝ, ප්‍රාදේශීය සභා නියෝජිතයෝ, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීහු, මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here