උත්සව සමයේ රට ලොක් ඩවුන් කරයිද?

0
828

උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට ලබාගන්නා දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

කෙසේවෙතත් උත්සව සමයේ නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමට හෝ හුදෙකලා කිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු සදහන් කළේය. නමුත් පවතින තත්වය සළකා ඕනෑම අවස්ථාවක සංචරණ සීමා පැනවිය හැකි බව යුධ හමුදාපතිවරයා පැවසීය. ජනතාවට මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනටමත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබෙන බවත් එලෙස වෙන්කරගෙන ඇති හෝටල් හිමිකරුවන් හට ද දැඩි වගකීමක් පැවරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here