විදෙස් ආයෝජනයෙන් රැකියා ලක්ෂයක්

0
742

නව රැකියා 10,000ක් උත්පාදනය කෙරෙන මහා පරිමාණ විදේශ ආයෝජන 3ක් නව වසර ආරම්භයේදීම මෙරට ස්ථාපිත කෙරෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිළුමිණට පැවසීය.

රුපියල් බිලියන 550ක් හෙවත් කෝටි 55,000ක විදේශ ආයෝජන මෙරටට ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. රජයේ ආරංචි මාර්ගවලට අනුව 2021 වසර තුළදී රැකියා ලක්ෂයකට අධික ප්‍රමාණයක් අනෙක් විදෙස් ආයෝජන අනුව ලැබෙනු ඇත.

පළමු ආයෝජන 3 යටතේ පෝර්ට් සිටි හෙවත් වරාය නගරයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අදාළ ගිවිසුම ඉකුත් 17දා අත්සන් කළ බවද ඔහු පෙන්වා දුන්නේය. රුපියල් බිලියන 185ක ආයෝජනයක් වන එය චීනයේ ‘චයිනා හාබර් ඉන්ටනැෂනල්‘ හා එල්ඕඑල්සී සමූහයේ – බ්‍රවුන්ස් අතර අත්සන් කෙරුණේ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වෙනුවෙනි.

ඊට අමතරව හම්බන්තොට කර්මාන්තපුරයේ රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් හා ඖෂධ නිෂ්පාදනාගාරයක්ද ස්ථාපනය කෙරෙන බවද මේ මහා පරිමාණ ආයෝජනයන්ගේ සම්පූර්ණ ආයෝජනය රුපියල් කෝටි 55,000ක් පමණ වන බවත් ඒ සියලු මහා පරිමාණ ආයෝජනයන්ගේ රැකියා ලබන වසරේ සිටම උත්පාදනය වන බවද අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එසේම මේ රැකියා අතර කම්කරුවාගේ සිට ඉහළම කළමනාකරණ තනතුරු දක්වා වූ සියලු රැකීරක්ෂා උත්පාදනය වන බවත් ඊට අමතරව දේශීය ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන මේ ආයෝජනයන්ට යොමු කළ හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here