කොවිඩ් 19 වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ පවත්වන නත්තල් දේව මෙහෙයන් 24 වැනිදා සවස 6 සිට පැයෙන් පැයට 50 දෙනකුට නොවැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පවත්වන ලෙස කොළඹ අගරදගුරු පදවියේ කතෝලික මීසම ්පාලක පියතුමන්ලාට උපදෙස් ලබා දී තිබෙන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිළුමිණට පැවසූහ. හුදෙකලා කර නොමැති ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථානවල පමණක් එසේ නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන අතර 24 වැනිදා මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රූපවාහිනී නාළිකා කිහිපයක් ඔස්සේ සජීවිව විකාශනය කෙරෙන බවද උන්වහන්සේ පැවසූහ.
බස්නාහිර පළාත තුළ වසංගතයේ ව්‍යාප්තිය ඉතා අයපහත් මට්ටමක පවතින බැවින් නත්තල් සමය තුළ සාප්පු සවාරි, නෑදෑ ගමන් ඇතුළු සංචරණ හැකිතාක් සීමා කරන ලෙසද උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටී. මහා පරිමාණයේ සැරසිලි, සාද, සැණකෙලිවලින් වැළකී නත්තලේ ආධ්‍යාත්මික හරය ඉස්මතු කරමින් පවුලේ ආගමික උත්සවයක් ලෙස ඉතා චාම් ආකාරයෙන් පවත්වන ලෙසත් වසංගත තත්ත්වය නිසා රැකියා අහිමිවූ සහ දිළිඳු ජනතාවට හැකි ආකාරයෙන් උපකාර කරන ලෙසත් අගදරගුරු හිමිපාණෝ ප්‍රකාශ කළහ.