ඒ්සියා කැපිටල් නැවතත් කොටස් තැරැව්කරණ ව්‍යාපාරයට

0
806

මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන ඒසියා කැපිටල් පීඑල්සී විසින් නවරා කැපිටල් පාර්ට්නර්ස් ලිමිටඩ් හි 70% ක කොටස් අයිතිය අත්පත් කර ගන්නා බව ඊයේ (22) නිවේදනය කර සිටියේය. මේ සමඟම නැවත වරක් ඒසියා කැපිටල් සමාගම, කොටස් තැරැව්කරණ ව්‍යාපාරය සඳහා ප්‍රවේශ වීමට කටයුතු කරන බව එහි ප්‍රධාන විධායක ස්ටෙෆාන් අබේසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ හොඳින් ක්‍රියාත්මක වන අවස්ථාවක දී කොටස් තැරැව්කරණ ව්‍යාපාරය නැවත වරක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

නවාරා කැපිටල් ලිමිටඩ් සතුව පැවති නවාරා කැපිටල් පාට්නර්ස් ලිමිටඩ් හි 70% ක කොටස් අයිතිය හෙවත් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 3,536,400 ක් මිල දී ගැනීමට ඒසියා කැපිටල් පීඑල්සී එකඟ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here