Tuesday, October 29, 2024

මූල්‍ය සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමට මහ බැංකුවේ අනුමැතිය

මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන ආපිකෝ ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී හා ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී යන මූල්‍ය සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අනුමැතිය හිමිව තිබේ. 2020 දෙසැම්බර් 22 දින අදාළ අනුමැතීන් ලද බව එම සමාගම් දෙක කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

ආපිකෝ ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී හි 94.02% ක හෙවත් 6,992,610 ක කොටස් අයිතිය ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී සතුව පවතී. සෙසු කොටස්කරුවන් සතු හිමිකාරීත්වය ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 5.98% ක් හෙවත් කොටස් 444,890 කි.

මෙම ඒකාබද්ධ කිරීමට අනුව ආපිකෝ ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී කොටස්කරුවන් හට ඔවුන් සතු  සෑම කොටස් 100 ක් වෙනුවෙන් ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී  කොටස් 76 බැගින් හිමිවනු ඇත. මෙහිදී මුදල් ගෙවීමක් සිදුනොකෙරේ.

2021 මාර්තු 31 දින වන විට අදාළ ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles