Monday, October 28, 2024

රුපියල රැකගන්න මහ බැංකුවෙන් පියවර කිහිපයක්

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතැන් පටන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව පෙන්වා දෙයි.

මෙම ක්‍රියාමාර්ගත්, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඉකුත් නොවැම්බර් මස නිරීක්ෂණය කළ අමෙරිකානු ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

නිල සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කර තිබේ.

සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා ද සාර්ථක අවසාන අදියරකට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙමගින් ඉදිරි කාලයේදී විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ණය නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනුඇති බවද පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles