වනාතවිල්ලුවේ පක්ෂීන් රැසක් මැරී වැටෙයි

0
844

පුත්තලම, වනාතවිල්ලුව, රාල්මඩුව ප්‍රදේශයේ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මියගොස් වෙල්යායකට වැටී ඇති පුවතක් වාර්තා වේ.

වී කුරුල්ලන්, ගේ කුරුල්ලන්, ගෙල කළු කුරුල්ලන්, පරවියන් ඇතුළු පක්ෂීන් 200ක් පමණ එළෙස මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ. 

තවත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන පක්ෂීන් රැසක් ඒ අවට දැකගත හැකි බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.

ආහාරයට ගත් යම්කිසි දෙයක් විෂවීමකින් මෙලෙස පක්ෂීන් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි සැක කෙරෙයි.

වනාතවිල්ලුව වන ජීවී කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර එම්.පී.එල්. මාරසිංහ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනිමින් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here