බොකෝහරාම් ත්‍රස්තයින් නත්තල් උත්සවයකට වෙඩි තබයි – 7ක් මරුට

0
670

නයිජීරියාවේ බොර්නෝ ප්‍රාන්තයේ නත්තල් උත්සවයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇත.

බොකෝහරාම් ත්‍රස්ත සංවිධානය විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු පිරිසක් තුවාල ලබාඇති අතර උත්සවයේ තිබු සියලු දේපළ ත්‍රස්තවාදීන් විසින් කොල්ලකා ඇති බවද වාර්තා වේ.

කිතුණු තරුණ සංවිධානයක් විසින් නත්තල් උත්සවය පවත්වා ඇති අතර එය සංවිධානය කර තිබු දේවස්ථානයටද ත්‍රස්තයින් විසින් ගිනිතබා තිබේ.

බොකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් බොර්නෝ ප්‍රාන්තයේ පසුගිය කාලය තුළ වෙඩි තැබීම්, ළමුන් පැහැරගැනීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියාකරකම් රැසක් සිදුකර ඇතිබව විදෙස් වාර්තාවල සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here