Tuesday, October 29, 2024

කොළඹ කොවිඩ් ආසාදිතයින් ගණන 17000 ඉක්මවයි

නව කොවිඩ් ආසාදිතයින් 551 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 541 දෙනෙකු ද  බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන්  ආසාදිතයන් 10 දෙනෙකු වශයෙන් එළෙස ඊයේ වාර්තා වූ ආසාදිතයින් හඳුනාගෙන ඇත. 

එළෙස හඳුනාගත් කොවිඩ් රෝගීන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. එම සංඛ්‍යාව 300කි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක් වශයෙන් ද ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 39,782ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 31,339කි.

කොවිඩ් -19 ආසාදිතයින් 8,258 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව ද 186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය – 300
ගම්පහ දිස්ත්‍රික්කය – 52
කළුතර දිස්ත්‍රික්කය – 37
නුවරඑළිය දිස්ත්‍රික්කය – 28
රත්නපුර දිස්ත්‍රික්කය – 27
අම්පාර දිස්ත්‍රික්කය – 17
මහනුවර දිස්ත්‍රික්කය – 16
මාතර දිස්ත්‍රික්කය – 13
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – 12
කෑගල්ල දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 07
මොනරාගල දිස්ත්‍රික්කය – 07
මුලතිව් දිස්ත්‍රික්කය – 06
අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
මඩකලපුව දිස්ත්‍රික්කය – 04
හම්බන්තොට දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය – 03
යාපනය දිස්ත්‍රික්කය – 02
බදුල්ල දිස්ත්‍රික්කය – 02
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 02

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles