Monday, November 25, 2024

කලාපීය සේවා විශිෂ්ටතා සම්මානය ඩීමෝ සමා­ග­මට

Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි.

එම සම්මාන උළෙල ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර, සම්මානය අත්පත් කර ගැනීමත් සමඟ ඩීමෝ, අග්නිදිග ආසියා කලාපයේ පිලිපීනය හා බෘනායි වැනි අනෙකුත් රටවල් අබිබවා යමින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාවක් ස්වකීය පාරිභෝගිකයන් හට පිරි නමන සමාගමක් බවට තවදුරටත් සනාථ කර තිබේ.

මේ වසරේ ‘Mercedes-Benz අග්නිදිග ආසියා II සේවා විශිෂ්ටතා සම්මාන උළෙල’ මඟින්, සේවා උපදේශකයන් අතර සේවා නිපුණතා වර්ධනය කිරීමේ අරමුණින්, Mercedes-Benz AG බලයලත් සේවා මධ්‍යස්ථානයන්හි හොඳම සේවා උපදේශකයින් ඇගයීමට ලක් කෙරිණි. ඒ අනුව, අන්තර්ජාලය මඟින් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී අග්නිදිග ආසියා කලාපය තුළ, ‘වසරේ හොඳම සේවා උපදේශකයන්’ ලෙස ඩිමෝ හි Mercedes-Benz මධ්‍යස්ථානයෙහි දීර්ඝ කාලීනව සේවයෙහි නිරත කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු වන හිරුන් කෝරාලලාගේ, ෂෙල්ටන් විජේරත්න සහ සහින්ද වසලතන්ත්‍රිගේ ඇගයීමට පාත්‍ර වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles