ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය නැතිවෙලා – මුරුත්තෙට්ටුවේ ආන්නද හිමි

0
825

වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පළුදු වී ඇති ස්වරූපයක් පෙන්නුම් කරන බව මුරුත්තෙට්ටුවේ ආන්නද හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ආණ්ඩුව වහා පියවරගත යුතු බවය.

අද (26) පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මුරුත්තෙට්ටුවේ ආන්නද හිමි මේ බව පැවසීය.

“මේ රට පාලනය කළා රාජ්‍ය නායකවරු 17 දෙනෙක්. ඒ 17 දෙනාට වැඩිය මේ රට පිළිබඳව සොයාබලා පාලනය කරයි කියලා දැඩි විශ්වාසයක්  මහජනයාගේ හදවතේ තිබුණා. අද ඒ රජ්ජුරුවන්ගේ පුරෝහිතයෝ කේවට්ටයෝ ඒ රජ්ජුරුවන්ට නිසි ගමනක් යන්න දෙන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here