අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 150ක්

0
811
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

කොවිඩ් -19 වෛරසය ආසාදිත 598 දෙනෙකු ඊයේ දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ය.

අනෙක් ආසාදිතයින් 593 දෙනා දේශීයව හඳුනාගත් රෝගීන්ය.

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 235කි.

මේ වනවිට හුදකලා කරඇති අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පමණක් ඊයේ දිනයේ නව ආසාදිතයින් 150 දෙනෙකු හමුවී ඇති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84ක් වාර්තා වී තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,670කි. ඉන් පුද්ගලයින් 28,643ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 40,380 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සමස්ත ආසාදිතයින්ගෙන් 32,051 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 8,142ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 187කි. 

කොවිඩ් -19 නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය – 235

අවිස්සාවේල්ල -150
පිළියන්දල -10
වැල්ලවත්ත – 8
වැල්ලම්පිටිය – 7
බොරැල්ල – 7
කෙසෙල්වත්ත – 6
කොම්පඤ්ඤ වීදිය – 4
ගල්කිස්ස – 4
කිරුළපන – 4
අතුරුගිරිය -3
බම්බලපිටිය -3
ග්‍රෑන්ඩ්පාස් – 3
මරදාන – 3
තලංගම – 3
බ්ලූමැන්ඩල් -2
මට්ටක්කුලිය – 2
දෙහිවල – 2
හෝමාගම -2
මහරගම – 2
බොරලැස්ගමුව – 1
මුල්ලේරියාව – 1
මොරටුව – 1
මිරිහාන – 1
පාදුක්ක – 1
කහතුඩුව – 1
කොස්ගම – 1

ගම්පහ දිස්ත්‍රික්කය –  164

මීගමුව – 52
පෑලියගොඩ – 26
බියගම – 11
රාගම – 10
කඩවත -9
මීරිගම – 8
මිනුවන්ගොඩ – 8
කැලණිය -8
මීගහවත්ත – 6
වේයංගොඩ – 6
කිරිඳිවෙල -6
වැලිවේරිය – 5
පල්ලෙවෙල – 4
මල්වතුහිරිපිටිය – 3
දිවුලපිටිය -1
පූගොඩ – 1

කළුතර දිස්ත්‍රික්කය – 84
මඩකලපුව දිස්ත්‍රික්කය – 25
ගාල්ල දිස්ත්‍රික්කය – 22
අම්පාර දිස්ත්‍රික්කය – 20
රත්නපුර දිස්ත්‍රික්කය – 17
නුවරඑළිය දිස්ත්‍රික්කය – 07
පුත්තලම දිස්ත්‍රික්කය – 05
කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
අනුරාධපුර දිස්ත්‍රික්කය – 04
කෑගල්ල දිස්ත්‍රික්කය – 02
මහනුවර දිස්ත්‍රික්කය – 01
මොනරාගල දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here