සතියට එක් දිනක් දේශීය ඇඳුම් අඳින්නැයි බතික් ඇමති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

0
711

2021 වර්ෂයේදී සතියේ එක් දිනක් දේශීයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිත කරමින් සේවයට වාර්තාකරන ලෙස බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

දේශීය ඇඟලුම් නිෂ්පාදිතයින් ආරක්ෂා කිරීම, දේශීය වශයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනය, ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන දේශීය විනිමය නතර කරගැනීම යන කරුණු අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, මිලියන තුනකට ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන සියලු දෙනාගේ සහය මේ සඳහා ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here