උත්සව නොපවත්වන්නැයි ඉල්ලීමක්(වීඩියෝ )

0
965

නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඉදිරි දිනවල කොවිඩ් ආසාදිත පොකුරු ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“ඉදිරි දවස් දෙක තුළ අලුත් අවුරුද්ද උදාවීමත් සමගම නොයෙක් විදියේ උත්සව හා සාද පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ කොවිඩ් 19 රෝගීන් දිනපතා සිය ගණනක් වාර්තා වන විට සාද හා උත්සව වෙනදා වගේ අපිට පැවැත්වීමේ අපහසුවක් තියෙනවා. අපි දැක්කා පහුගිය දවස්වලත් නොයෙක් අවස්ථාවල දී රෝගීන් පොකුරු වාර්තාවීමට ප්‍රධානතම හේතුව වුණේ විවිධ ආකාරයේ උත්සව. ඒ වගේ අවස්ථාවල දී ආසාදිතයෙක් හිටියොත් බොහෝම වේගයෙන් ඒ වගේ අවස්ථාවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ අලුත් ආකාරයකට, කොවිඩ් රෝගය බෝ නොවන ආකාරයකට.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here