කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කෙරේ(වීඩියෝ )

0
782

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් හුංගම කලමැටිය ධීවර වරායට ගෙන්වා තිබිය දී පොලිස් අත්අඩංගුවට ගත් කහ තොගයක් ඊයේ (29) රාත්‍රීයේ ගිනි තබා විනාශ කර ඇත.

මෙම කහ තොගය පසු ගිය 27වනදා පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පසුව එම කහ තොගය නිරෝධායනය නීති යටතේ අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී එලෙස ගිනි තබා විනාශ කළ බව පොලීසිය පවසයි.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ එහි කහ කිලෝ 21,900ක ප්‍රමාණයක් තිබු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here