Friday, November 8, 2024

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන වෙනුවෙන් හේමාස් සමාගම රෝහල් වෙත දීවා පවර් ජර්ම් ගාඩ් ප්‍රදානය කරයි

කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින හේමාස් මැනුෆැක්චරින් ආයතනය, කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන වන නැගෙනහිර කොළඹ මූලික රෝහල- මුල්ලේරියාව සහ හෝමාගම මූලික රෝහල වෙත දීවා පවර් ජර්ම් ගාඩ් රෙදි සේදුම් කුඩු ප්‍රදානය කිරීමට පසුගියදා පියවර ගත්තේය. එමගින් එම රෝහල් තුළ පවතින රෙදි සේදීමේ අවශ්‍යතා සඳහා උපකාරී වීමට හැකි වී තිබේ.

හේමාස් මැනුෆැක්චරින් යනු ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ආරක්ෂා කරමින්, ඔවුන්ගේ යහපත වෙනුවෙන් කැපවූ දේශීය සමාගමකි. විශේෂයෙන් ම පවතින වසංගත කාලසීමාව තුළ එම කැපවීම, සමාගමේ ඉහළ ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ.

විශේෂයෙන් ම, කොවිඩ්-19 තත්ත්වය වේගයෙන් වර්ධනය වන පසුබිමක, රෝගීන් මෙන්ම රෝහල් සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද හේමාස් ආයතනය මනා වැටහීමක පසුවෙයි.

මෙහිදී නැගෙනහිර කොළඹ මූලික රෝහල- මුල්ලේරියාව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මුදිතා පෙරේරා මහත්මිය සහ හෝමාගම මූලික රෝහල වෙනුවෙන් එහි වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා මෙම පරිත්‍යාග භාරගත්හ.

හේමාස් මැනුෆැක්චරින් සමාගමේ ඩිටර්ජන්ට් නිෂ්පාදන සන්නාමය වන දීවා, තම නවතම නිෂ්පාදන වන ‘දීවා පවර් ජර්ම් ගාඩ්’ සහ ‘දීවා පවර් කලර් ගාඩ්’ යන නිෂ්පාදන (රෙදි සේදුම් කුඩු සහ දියර යන දෙවර්ගයෙන් ම) වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ඉකුත් ඔක්තෝබර් මාසයේදී ය. දීවා පවර් ජර්ම් ගාඩ් යනු ඇඳුම්වල තැවරුණු විෂබීජ 99.9%ක් ම විනාශ කර දමමින් මුළු පවුලට ම විශිෂ්ට ආරක්ෂාවක් ලබාදෙන නිෂ්පාදනයකි. විෂබීජ හා සටන් කිරීමට පාරම්පරිකව භාවිත කළ කොහොඹ සහ දෙහි, දීවා ජර්ම් ගාඩ් නිෂ්පාදනයේ අන්තර්ගත වේ. එහි සුපිරිසිදුකාරක ගුණයට අමතරව, දිගු කාලයක් පවතින මිහිරි සුවඳක් ද රෙදිපිළිවලට එක්කරයි.

“කොවිඩ් වසංගත කාලයත් සමඟ පාරිභෝගිකයින් තමන්ගේ රෙදි සේදීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙනවා. එතැනදී වැඩි  වැදගත්කමක් හිමිවන්නේ, විෂබීජවලින් පවුල ආරක්ෂා කරගැනීම සඳහා යි.  දීවා පවර් ජර්ම් ගාඩ් ඩිටර්ජන්ට් නිෂ්පාදනය එළිදකින්නේ එම පාරිභෝගික අවශ්‍යතාව නිවැරදිව හඳුනාගනිමිනුයි. ඒ වගේම නව දීවා පවර් නිෂ්පාදන හරහා ඵලදායීව සහ කාර්යක්ෂමව රෙදි සේදීමේ කාර්යය ඉටුවන අතර එය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැලපෙන නිෂ්පාදනයක්”, යනුවෙන් හේමාස් මැනුෆැක්චරින්හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී (නිවාස සත්කාර), අනුෂ්කා සබානායගම් මහත්මිය පැවසුවාය.

දීවා පවර් ඩිටර්ජන්ට් දියර නිෂ්පාදනය මගින් රෙදි සේදීම ඉතාමත් පහසු කාර්යයක් බවට පෙරළා තිබේ. මෙම අලුත් නිෂ්පාදන පෙළ දෑතින් රෙදි සේදීමට මෙන්ම රෙදි සෝදන යන්ත්‍ර භාවිතයට ද එක සේ සුදුසු ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් නිෂ්පාදන අතර පළමු වරට රීෆිල් හඳුන්වා දීමට ද දීවා පෙරමුණ ගෙන තිබේ.

සේයාරුව – හේමාස් මැනුෆැක්චරින් ආයතනයනැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත දීවා පවර් ජර්ම් ගාඩ් ප්‍රදානය කළ අයුරු

දෙවැනි සේයාරුව –  හේමාස් මැනුෆැක්චරින් ආයතනය,හෝමාගම මූලික රෝහල වෙත දීවා පවර් ජර්ම් ගාඩ් ප්‍රදානය කළ අයුරු

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles