පැය 24 ට මහ මග 9ක් නසී

0
805

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

එම කාලය තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 90කි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය දෙසැම්බර් 20වන දින සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බවය.

එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 149 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

බීමත් රියදුරන් 2045ක් එම කාලය තුළ අත්අඩංගුවටගෙන තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here