Saturday, October 19, 2024

පෞද්ගලික බස් වැඩ වර්ජනයකට සැරසෙයි

සියලුම බස් සංගම් ඒකාබද්ධව ලබන 18 වනදා  මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩව වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කොළඹදී අද(06) පැවසීය.

බස් කර්මාන්තය මුහුණ දෙන ගැටළුවලට රජයෙන් විසදුමක් නොලැබීම හේතුවෙන් සියලුම බස් රථ සංගම් ඒකාබද්ධව මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කළේය.බස් රථ සංගම් නියෝජිතයන්  නාරාහේන්පිටදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර  ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බව ද ප්‍රියන්ජිත් මහතා එහිදී පැවසීය.

ලබන 15 වනදා වන විට මෙම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් 18 වන දා සිට අඛණ්ඩව බස් රථ වර්ජනයක නිරතවන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles