Saturday, October 19, 2024

බස්රථයක් පෙරළීමෙන් 22කට තුවාල

පොලොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් අද (09) පුලස්තිගම කෑගලුගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇලකට පෙරලී යාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 22දෙනෙකු තුවාල ලබා  ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.

එම තුවාලකරුවන්  සියළුම දෙනා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත. ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු පැවසූහ.

දවසේ සේවා මුරය සඳහා කැඳවාගෙන එමින් සිටි සේවක පිරිසක් මෙසේ අනතුරට ලක්ව සිටින බව පොලීසිය පැවැසීය.

පුලස්තිපුර පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles