Friday, October 18, 2024

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයින් ගෙන්වනවා – ආරක්ෂක ලේකම්

සංචාරකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් 13 පැවති හමුවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කරුණු පැහැදිලි කළේය.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයෙන් ජීවත්වන පවුල් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් සිටින බවය.

එම නිසා මනා සෞඛ්‍ය නීති රිති යටතේ යම්කිසි ක්‍රමවේදයකට අනුව සංචාරකයින් ගෙන්වීමට ඉදිරියේ දී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, 

“ඇත්තටම අපේ රටේ සම්පූර්ණයෙන්ම සංචාරක කර්මාන්තය තුළ ජීවත්වන, ඒවායින් පවුල් නඩත්තුකරන, දරුවන්ට උගන්වන, දරුවන්ට කන්ඩ දෙන අයවලුන් මං හිතන්නේ ලක්ෂ 3කට වැඩියට ඉන්නවා. ඉතින් එතකොට පසුගිය වසර තුලම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබුණ නිසා මේ සියලුම පවුල් අනාථවෙලා ඉන්නේ. මෙතනදී රජයේ අවධානය යොමු වුණා. නැවත සංචාරකයින්ට මනා සෞඛ්‍ය නීති රිති යටතේ යම්කිසි ක්‍රමවේදයකට අනුව ටිකෙන් ටික මේ සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කරන්න අවශ්‍යයි කියලා. එකෙන් ප්‍රථමයෙන්ම කරපු දේ තමයි යුක්‍රේන ජාතිකයින්ට ලංකාවට එන්න සලස්සවපු එක. මෙතනදී අඩු පාඩුවක් වුණා. එක අපි හැමෝම පිළිගන්න ඕනේ. නමුත් ඉතින් වැඩක් කරන්න ගියාම අඩුපාඩු සිද්ධවෙනවා. නමුත් ඒ අඩුපාඩු දැන් හඳුනාගෙන 
ඒ අඩුපාඩු නැවත සිද්ධ නොවෙන විදියට සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංචාරකයින් ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles